අද කාලගුණය

බස්නාහිර,සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
ඌව පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයෙත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.
උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 පමණ දක්වා වැඩිවිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළංබස්නාහිර හෝ නිරිත දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (20-40) පමණ වේ. කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹසහ ගාල්ල හරහා හම්බන්තොටදක්වාවෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.(50-60) පමණ දක්වා වැඩි විය හැක.
කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹසහ ගාල්ල හරහා හම්බන්තොටදක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වේ. සෙසු මුහුදු ප්‍රදේශසාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු දක්වා වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.
678 Views
Comments