15 හැවිරිදි දැරිය රවටා නිවසට පැමිණ දැරියව කෙළෙසූ 32 හැවිරිදි අනංගයා දැලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
26

15 හැවිරිදි දැරිය රවටා නිවසට පැමිණ දැරියව කෙළෙසූ 32 හැවිරිදි අනංගයා දැලේ

15 හැවිරිදි දැරිය රවටා නිවසට පැමිණ දැරියව කෙළෙසූ 32 හැවිරිදි අනංගයා දැලේ

කුඩාඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු පහළොවයි මාස තුනක් වයසැති දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් හමුදා සේවය හැර ගිය හිටපු සෙබළකු කුඩාඔය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සැකකරු 32 වියේ පසුවන අතර ඔහු දැරිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබේ.

 

දැරියගේ නිවසේ කිසිවකු නොමැති අවස්ථාවකදී නිවසට පැමිණි ඔහු දැරියට ලිංගික අතවර සිදුකර ඇති අතර ඒ පිළිබඳ දැරිය මවට පැවසීමෙන් අනතුරුව සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

 

අතවරයට පත්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත්කර ඇති අතර සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. 

views

750 Views

Comments

arrow-up