මව්පිය සෙනෙහස සදහටම අහිමි කල මාරක රිය අනතුර
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
26

මව්පිය සෙනෙහස සදහටම අහිමි කල මාරක රිය අනතුර

මව්පිය සෙනෙහස සදහටම අහිමි කල මාරක රිය අනතුර

බූස්ස ප්‍රදේශයේ පිහිටි දියණියගේ නිවෙසේ පැවැති අලුත් අවුරුදු සාදයකට සහභාගි වී ත්‍රිරෝද රථයකින් එමින් සිටි එකම පවුලේ සිව් දෙනකු ගමන්ගත් ත්‍රිරෝද රථයක් රාත්‍රි 11ට පමණ කාර් රථයක ගැටීමෙන් වූ අනතුරකින් අඹුසැමි යුවළක් මිය ගොස් ඇති අතර අනික් දෙදෙනා තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇති බැව් අක්මීමන පොලිසිය පවසයි.



 ගාල්ල උඩුගම ප්‍රධාන මාර්ගයේ හියාරේ හන්දිය ආසන්නයේ දී මෙම අනතුර සිදු වී තිබේ.

 

මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අක්මීමන, අමල්ගම ප්‍රදේශයේ පදිංචි පත්මා ශ්‍රියාණි හියාරේගමගේ(52) සහ වයි.ආර්. ගාමිණි ජයලත් නැමැති යුවළකි.

 

මෙකී අඹුසැමි යුවළගේ ඥතීන් වන ත්‍රිරෝද රථයේ ගමන් ගත් 15 හැවිරිදි වියේ පසුවූ පාසල් දරුවකු සහ 42 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති.



 ත්‍රිරෝද රථය ගාල්ල දෙස සිට උඩුගම දෙසට ධාවනය වෙමින් තිබී ඇති අතර කාර් රථය උඩුගම දෙස සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබී ඇත.

 

ත්‍රිරෝද රථය හා කාර් රථය එකිනෙක ගැටීමෙන් මෙම අනතුර වී ඇත. අනතුරට අදාල කාර් රථයේ රියැදුරු පෙලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

 

මිය ගිය අඹුසැමි යුවළගේ හදිසි මරණ පරීක්ෂණය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ දී පැවැත්වීමට නියමිතව තිබුණි. අක්මීමන පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

738 Views

Comments

arrow-up