කොරෝනා මරණ භුමදානයට විද්වත් කමිටුව දුන් නිර්දේශ මෙන්න

කොරෝනා මරණ ආදාහනයට අවසර ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පත් කළ විද්වත් කමිටුවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා ප්‍රකාශ කර සිටිනවා.
එම මහත්මිය වැඩි දුරත සදහන කරන්නේ කොරෝනා මරණවල අවසන් කටයුතු සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ 7ඉදිරිපත් කල බවයි.
පෞද්ගලික රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඇය සඳහන් කළේ තමන් ඇතුළු 09 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායම ඉකුත් දෙසැම්බර් මස 28 වෙනිදා ලබාදීමට කටයුතු කළ බව ඇය ප්‍රකාශ කළා.
” අපි කිව්වා ආදාහනය මෙන්ම භූමදානය කියන දෙකටම අවසර දෙන්න කියලා. භූමදානය කිරීමේදී අපි නිර්දේශ කිහිපයක්ම ඉදිරිපත් කළා.
1. ඒ භූමදානය කරන සිරුරක් නම් ඒ සම්බන්ධයෙන් නිසි බලධාරියා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙක් පත් කරන්න ඕන සහ ඔහු එම කටයුත්ත අධීක්ෂණය කළ යුතුයි.
2. භූමදානය කරන සිරුර එම්බාම් කිරිමක් හෝ නිවසට රැගෙන යාමට අවසර ලැබෙන්නේ නැහැ.
3. පැය 24ක් තුල භූමදානය හෝ ආදාහනය කළ යුතුයි.
4. පවුලේ ඥාතින් 04 දෙනෙකුට මිනිත්තු 05 ක කාලයක් මියගිය පුද්ගලයාගේ දේහය ආරක්ෂිත දුරකින් සිට බලන්න දෙන්න අවසරය ලබා දෙන්න.
5. භූමදානය කරනවා නම් වතුරට නිරාවරණය නොවන විදිහේ ඩබල් බොඩි බෑග් ( මල සිරුරූ බහාලන බෑග් දෙකක) එකක මෘත ශරීරය තැන්පත් කරලා එය මිනීපෙට්ටියක තැන්පත් කළ යුතුයි.
6. ආදාහනය හෝ භූමදානය කරන ස්ථානයට ආගමික නායකයෙක්ට ගොස් ආගමික කටයුතු සඳහා අවසරය ලබා දෙන්න…
7. මිනි පෙට්ටියට බාහාලිමෙන් අනතුරුව කිසිම හේතුවක් නිසා එය විවෘත නොකළ යුතුයි.
කොවිඩ් ආසාදීත මරණ භූමදානය කිරීමේදී භූගත ජලයට වෛරසය ඇතුල්වීමේ හැකියාවක් ඇත්ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදුකලාද යන්න සම්බන්ධයෙන් ජේෂ්ඨ මහාචාර්යවරියගෙන් විමසා සිටියා.
ඊට පිලිතුරු දෙමින් ඇය කියා සිටියේ එවැනි පරීක්ෂණයක් මෙරටදී සිදුකර නොමැති බවයි. විදේශ රටවල සිදුකර ඇති පර්යේෂණ වාර්තා පදනම් කර ගෙන තමන් ඇතුළු විද්වත් කමිටුව වාර්තාව ලබාදුන් බවයි ඇය ප්‍රකාශ කර සිටියේ.
1420 Views
Comments