පැය 10ක මෙහෙයුමකින් 1,406 දෙනෙකු අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
07

පැය 10ක මෙහෙයුමකින් 1,406 දෙනෙකු අත්අඩංගුවට

පැය 10ක මෙහෙයුමකින් 1,406 දෙනෙකු අත්අඩංගුවට

ඊයේ (06) දිනය තුළ බස්නාහිර පළාත ආවරණය වන පරිදි පොලීසිය සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 1,406 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

පොලීසිය සඳහන් කළේ, ඊයේ (06) උදෑසන 06.00 සිට පස්වරු 4.00 දක්වා වන පැය 10ක කාලයක් තුළ එම විශේෂ මෙහෙයුම සිදුකළ බවය.

 


අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් අතර වරෙන්තුකරුවන් 681 දෙනෙකු සහ විවිධ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44 දෙනෙකුද සිටින බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

 

views

648 Views

Comments

arrow-up