රුසියානුවන්ගේ ගමන් මල්ලට විද්ද ගැටයා මාට්ටු - මල්ල ඇතුලේ ලක්‍ෂ 13ක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
25

රුසියානුවන්ගේ ගමන් මල්ලට විද්ද ගැටයා මාට්ටු - මල්ල ඇතුලේ ලක්‍ෂ 13ක්

රුසියානුවන්ගේ ගමන් මල්ලට විද්ද ගැටයා මාට්ටු - මල්ල ඇතුලේ ලක්‍ෂ 13ක්

රුසියානු තරුණ යුවළකට අයත් රුපියල් ලක්ෂ 13 කට අධික වටිනාකමකින් යුත් මුදලක්, ඇපල් ජංගම දුරකථනය සහ ජාත්‍යන්තර වශයෙන් වටිනාකමක් ඇති ලියකියවිලිද අඩංගු ගමන් මල්ල පෙරේදා (23 දා) රාත‍්‍රී කොල්ලකා පලාගිය පුද්ගලයකු එදිනම රාත‍්‍රී අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසිය සමත්ව ඇත.

 

රුසියානු ජාතික අන්තර්නියා වේගිනියා නමැති කාන්තාවක විසින් එදින රාත‍්‍රී 9.30 ට පමණ කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

යුවළ කළුතර පලාතොට මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විදේශ යුවලට හස්ත සංඥාවකින් ආචාර කර ඇති අතර පෙරළා ඔවුන් ආචාර කිරීමේදී ගමන් මල්ල කොල්ලකා පලාගොස් ඇති බවට විදෙස් කත සඳහන් කර ඇතැයිද පොලිසිය කියයි.

 

ක්ෂණිකව ක‍්‍රියාත්මක වූ පො.ප. ගයාන් ක‍්‍රිෂාන්ත ඇතුළු පොලිස් කණ්ඩායම ප‍්‍රදේශයේ සීසීටීවී දර්ශන පරීක්ෂා කර යතුරුපැදියේ අංකය අනුව ගොස් කළුතර, කිතුලාව ප‍්‍රදේශයේ සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

 

මීගහතැන්න ප‍්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සැකකරු කළුතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

views

695 Views

Comments

arrow-up