ඉන්දියාවෙන් ගෙනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත නෞකා නිදහස් කර ගැනීමට වෙළඳ ඇමති උපදෙස් දෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
18

ඉන්දියාවෙන් ගෙනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත නෞකා නිදහස් කර ගැනීමට වෙළඳ ඇමති උපදෙස් දෙයි

ඉන්දියාවෙන් ගෙනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත නෞකා නිදහස් කර ගැනීමට වෙළඳ ඇමති උපදෙස් දෙයි

කොළඹ වරායේ සිරවී ඇති ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කර ගැනීමට කටයුතු කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යංශ ලේකම්වරියට උපදෙස් ලබා දී තිබේ.

 

වෙළෙඳ අමාත්‍යංශයේ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මිය මේ බව පැවසුවාය.

 

"ආනයනකරුවන් ඉන්දියාවෙන් ආනයනය කරලා තියෙනවා නම් යම්කිසි භාණ්ඩ ප්‍රමාණයක් ඒවා වරායෙන් නිදහස් කර ගන්න බැරි නම් ඒ සම්බන්ධයෙන් වෙළෙඳ අමාත්‍යංශයට තොරතුරු දුන්නාම අපි ඒකට මැදිහත් වෙලා නිදහස් කර ගන්න උදව් කරනවා."

 

අනෙකුත් රටවල්වලින් ආනයනය කරන ලද භාණ්ඩ ඇති නම් ඒවා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන්ද වෙළෙඳ අමාත්‍යංශයට මැදිහත් විය හැකි බව ලේකම්වරිය පැවසීය.

 

ඇය සඳහන් කළේ, එම තොරතුරු අමාත්‍යංශයට ලබා ගැනීම සඳහා දුරකතන අංකද හඳුන්වාදී ඇති බවත් ප්‍රථමයෙන් කොපමණ තොරතුරු සංඛ්‍යාවක් ලැබෙන්නේද යන්න පිළිබඳව අවධානය යොමු කරන බවත්ය.

 

මේ අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදලක් ලබා ගැනීමට අදාළ ගිවිසුමට ඊයේ (17) පස්වරුවේ අත්සන් තැබීය.

views

645 Views

Comments

arrow-up