ප්‍රජාතන්ත්‍රවාදයට බය වුණොත් ආණ්ඩුවත් රටත් විනාශ වෙනවා – අගමැති

වාර්ෂික ඡන්ද හිමියන්ගේ දිනය සැමරීමේ ජාතික උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ කොළඹ දී පැවැත්විණ.
2012 වසරේ සිට “ඡන්ද හිමියන්ගේ දිනය” මූලික කරගනිමින් සම්මන්ත්‍රණ, පාගමන්, රථ පෙළපාළි, අත්පත්‍රිකා බෙදාහැරීම්, පොස්ටර් බැනර් ප්‍රදර්ශනය ඇතුළු විවිධ වැඩසටහන් මගින් ජනතාව දැනුවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගනු ලැබීය. පරමාධිපත්‍ය, සර්වජන ඡන්ද බලය හා ප්‍රජාතන්ත්‍රවාදය සාකච්ඡා කෙරෙන විද්වතුන්ගේ ලිපි ඇතුළත් ලිපි සංග්‍රහයක් එළිදැක්වීම මෙහිදී සිදු විය.
දේශපාලනයේ නිරත ඇතැමුන් ප්‍රජාතන්ත්‍රවාදයට බිය බව, පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදයට බිය වුවහොත් එතැන් සිට ආණ්ඩුවත් රටත් විනාශ වන බව සඳහන් කළේය. 1975 ඡන්දය කල් දැමීම, 1982 ජනමත විචාරණය හේතුවෙන් තරුණ තරුණියෝ ඡන්ද ක්‍රමය ගැන කළකිරීමට පත් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස 88/89 දී හැටදාහක් තරුණ තරුණියෝ පාරේ මරා දමන තැනට වැඩ සිද්ධ වූ බව අග්‍රාමාත්‍යවරයා සිහිපත් කරනු ලැබීය. එය තේරුම්ගත් තමා 2005 සිට 2015 දක්වා නියමිත කාලසීමාවට පෙර මැතිවරණ පවත්වමින් ඡන්ද අයිතිය ලබාදුන් බව සඳහන් කළේය.
685 Views
Comments