ෆේස්බුක් එකෙන් ජනපති විවේචනය කළ රූපවාහිනී නිවේදිකාවට ගෙදර යන්න වෙයි - (PHOTOS)

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නිවේදිකාවක් ලෙස සේවය කළ පාරමී නිලේප්තා රණසිංහ ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබේ.
ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂව විවේචනය කරමින් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙනි.
පාරමී රණසිංහ පවසන්නේ මෙම සටහන හේතුකරගෙන තමන්ට රූපවාහිනී භූමියට ඇතුළුවීමද තහනම් කර ඇති බවයි.
රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් ඇය හඩකැවීම් ශිල්පිනියක් ද වේ.
මේ සම්බන්ධයෙන් ඇය සිය ෆේස්බුක් පිටුවේ තැබූ සටහන මෙසේය.
පුරවැසියෙකු ලෙස මාගේ භාෂණය හා ප්‍රකාශනයේ නිදහස අභියෝගයට ලක් ව ඇති මොහොතක සමාජ වගකීමක් සහිත සම්ප්‍රවේශිකාවක ලෙස සුව දුක් විමසන හිතැතියන් වෙනුවෙන් මේ සටහන තබමි.
අද පටන් රූපවාහිනිය මා හට තහනම් භූමියක් බවට පත් ව ඇත්තේ මාගේ මුහුණුපොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසාවෙනි.
රිවිදින අරුණැල්ල, නුග සෙවන, සුසර දැහැන, නැණ මිහිර,චක්‍රාවාටය, Hard Talk, ගුරුතලාව වැනි වැඩසටහන් තුළින් මා හට ප්‍රේක්ෂකාදරය ළගා කර දුන් රූපවාහිනියට මාගේ ගෞරවයද, ගල් මුල් මැද ආදර පැසසුම් දුන් ප්‍රේක්ෂකයන්ට මාගේ ආදරයද පුද කරමි.
හංස වෙස් ගෙන පාත්තයින් රඟන විටත් රූපවාහිනිය මට හුදු දේශපාලන කෙළි මඩලක් නොවීය. මව් ගුණ හඳුනන දරුවකු ලෙස රූපවාහිනියට සුබ පතමි...
සදාකල් යෙහෙන් වැජඹේවා..
නැවතුමක් නොවේ හැරවුමක් පමණි........
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පළ කොට තිබූ පෝස්ට් එක
Source - Mawrata
3654 Views
Comments