"අපි දැනටමත් සහන දෙනවානේ... තවත් පුළුවන් තරම් දෙනවා" - බැසිල් රාජපක්ෂ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
11

"අපි දැනටමත් සහන දෙනවානේ... තවත් පුළුවන් තරම් දෙනවා" - බැසිල් රාජපක්ෂ

"අපි දැනටමත් සහන දෙනවානේ... තවත් පුළුවන් තරම් දෙනවා" - බැසිල් රාජපක්ෂ

මෙරට ජනතාවට මේ වන විට ත් සහන ලබා දෙමින් සිටින අතර හැකි තරම් තවදුරටත් සහන ලබා දෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

 

මුදල් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (11) දින ගම්පහදී මාධ්‍යවේදියෙකු කළ විමසීමකදීය.

 

ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු අමාත්‍යවරුන් උත්සහ දරමින් සිටින්නේ ජනතාවට සහන ලබා දීමට වන බැවින් තමා පිළිබඳව ජනතාව තබාගෙන සිටින විශ්වාසය තවදුරට ත් එලෙස ම තබාගෙන සිටින ලෙස ඔහු සඳහන් කළේය.

 

ඩොලරයට ඉහළ අගයක් ලබා දෙමින් රුපියලේ අගය පාවීමට සැලැස්වූයේ ඩොලරයේ අගය කලක සිට සීමාවක රඳවාගෙන සිට එසේ සිටිය නොහැකි තරමට උග්‍ර වූ බැවින් යැයි අමාත්‍යවරයා පැවසීය.

 

ඔහු සඳහන් කළේ, විපක්ෂයේ අදහස් මෙන් ම ආර්ථික විද්‍යාඥයින්ගේද අදහස්වලටද ඇහුම්කන් දී මෙම පියවර ගැනීමට තීරණය කළ බවය.

 

ගෝලීය වශයෙන් පවතින බාහිර හේතුවල බලපෑම් ඉවත් කිරීමේ බලය නොමැති වුව ද පවතින අර්බුදයට මුහුණ දීම සඳහා රට තුළ පවතින ගැටලු නිසැකවම විසඳන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

 

මාධ්‍යවේදියා සහ මුදල් අමාත්‍යවරයා අතර ඇති වූ සම්පූර්ණ සංවාදය මෙසේය‍.

 

ඇමතිතුමා අපට කියන්නකෝ කවදාද අපට සහන ලබා දෙන්නේ ?

 

''සහන දැනටම ත් දෙනවා නේ. රු. 5000 දෙනවා. තවත් පුළුවන් තරම් දෙනවා.''

 

ජනතාව ඔබතුමා ගැන විශ්වාසෙන් ඉන්නේ. මේක ඉක්මනින් ලැබෙයි කියලා ?

 

''විශ්වාසය එහෙම ම තියාගන්න. අපි ඉක්මනින් ම අපේ ඇමතිවරුයි, ජනාධිපතිතුමායි, අගමැතිතුමායි ඔක්කෝම උත්සහ කරන්නේ ඒක තමයි ඒක කරන්න.''

 

ඩොලර් එක පාවීම ගැන ඔබතුමාගේ අදහස මොකක්ද ?

 

''කොහොම ත් ඒක අපි කරපු එකක් නොවේ. ඉස්සර කාලේ ඉඳන් කරපු එකක්. අපි තාවකාලිකව නතර කරගෙන හිටියා. නමුත් නතර කර ගන්න බැරි තරමට උග්‍ර වුණා.'' 

 

ඒකෙන් රටට ඩොලර් ඉක්මනට ලැබෙයිද ? විශ්වාසයක් තියෙනවාද ?

 

''ඔව් ඉතින් එන්න ඕනෑ නේ. එහෙම කියනවා නේ කට්ටියක්. විපක්ෂය එහෙම කිව්වා. අපි ඒකට ත් ඇහුම්කන් දෙන්න එපැයි.''

 

ඔබතුමා විපක්ෂයටද ඇහුම්කන් දුන්නේ ?

 

''ගොඩක් කට්ටිය ආර්ථික විශේෂඥයෝ ත් පළ කරා ඒක.''

 

කොච්චර කාලෙකින් මේ අර්බුදය විසඳෙයි කියලා ඔබතුමා හිතනවාද ?

 

''ඒක තමයි ඉතින්, වසංගතය ආවා නේ. ඊට පස්සේ තෙල් මිල වැඩි වුණා. ඊට පස්සේ යුක්‍රේන - රුසියා යුද්ධය ආවා. මේවා ඔක්කොම බාහිර කරුණු. අපේ රටේ සිද්ධ වෙන ඒවා නොවෙයි. බාහිර කරුණුවලට ජාත්‍යන්තරව අපිට ඒ තරම් බලයක් නෑ. නමුත් දේශීය වශයෙන් තියෙන ඒවා අපි අනිවාර්යයෙන් ම විසඳනවා.‍''

 

ඩොලර් අර්බුදයට මොක ද වෙන්නේ ? ඉස්සරහට ණය ගෙවා ගන්න මොකක් හරි තියෙනවාද වැඩපිළිවෙළක් ?

 

''ඔව් ඔව්.''

 

ණය ගෙවන එක ප්‍රශ්නයක් නොවේද ?

 

''නෑ. ඒක මේ...ප්‍රශ්නයක් තමයි. අමාරුයි. ඒ වුණාට අපි කරනවා කොහොම හරි.''

views

1131 Views

Comments

arrow-up