වරාය නගරය අයිති අපිට - ජනාධිපති මාධ්‍ය අංශය

කොළඹ වරාය නගරයේ භූමිය කිසිදු විදේශ රටකට අයත් නොවන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා.
වරාය නගරය සහ අනාගත ආර්ථිකය මැයෙන් ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය සංවිධානය කළ මාධ්‍ය හමුවකදී වරාය නගර ආර්ථික කොමිසමේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල්, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා පැවසුවේ වරාය නගරය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව සතු මෙරට නීතිය ක්‍රියාත්මක වන භූමියක් වන අතර එහි කළමනාකරණ කටයුතු සිදුකරන වරාය නගර ආර්ථික කොමිසම ශ්‍රී ලංකා ආණ්ඩුවට, ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවට යටත් බවයි.
633 Views
Comments