උපාධි උත්සවයට ගිය මෝටර් රථය අධිවේගයේදී සිමෙන්ති ලොරියක ගැටෙයි - පියා මරුට වෛද්‍ය දියණියට බරපතළයි

පේරාදෙණිය සරසවියේ පැවති වෛද්‍ය උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගි වී ආපසු එමින් සිටි එකම පවුලේ අටදෙනක් රැගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 වැනි කිලෝමීටර් කණුව අසලදී සිමෙන්ති පැටවූ ලොරියකට ඉස්සර කිරීමට යෑමේදී ලොරියේ පසුපස ගැටී සිදුවූ මාරක අනතුරකින් මෝටර් රථයේ ගමන්ගත් වෛද්‍ය ශිෂ්‍යාව බරපතළ තුවාල ලබා ඇගේ පියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය සඳහන් කරයි.
මෙලෙස මියගොස් තිබෙන්නේ අක්මීමන, කපුහේන පොළ, ගමගේ වත්තේ පදිංචිව සිටි උනන්පිටිය ගමගේ රත්නසේන නමැති 67 හැවිරිදි පුද්ගලයෙකි.
පෙරේදා(24) රාත‍්‍රී 10.35ට පමණ මෙම මාරක රිය අනතුර දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී සිදුව ඇතැයි පොලිසිය කියයි.
අනතුර සිදුවන අවස්ථාවේදී එකම පවුලේ පියා, මව, දියණිය, පුතා, පුතාගේ බිරිඳ සහ අවුරුදු එකහමාර, අවුරුදු හතර සහ අවුරුදු හත යන වයස්වල පසුවන දරුවන් තිදෙනකු මෝටර් රථයේ ගමන් කර ඇත.
අනතුර වන අවස්ථාවේදී වෛද්‍ය ශිෂ්‍යාවගේ සහෝදරයා මෝටර් රථය පදවා ඇති අතර මෙහිදී වෙනත් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත. අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇතිමුත් ලොරියට හානියක් වී නොමැත.
887 Views
Comments