කඩුගන්නාව පොහොට්ටු සභාපති අත්අඩංගුවට - හොර පාස්පෝට් හදා කොටි කාන්තාවන් රට යවලා
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
26

කඩුගන්නාව පොහොට්ටු සභාපති අත්අඩංගුවට - හොර පාස්පෝට් හදා කොටි කාන්තාවන් රට යවලා

කඩුගන්නාව පොහොට්ටු සභාපති අත්අඩංගුවට - හොර පාස්පෝට් හදා කොටි කාන්තාවන් රට යවලා

කූට ලේඛන යොදාගෙන විදෙස් ගමන් බලපත්‍ර සකස් කර එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ගේ බිරින්දෑවරු විදෙස් රටවලට රැගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කඩුගන්නාව නගර සභා සභාපති අමිල වේරගොඩ නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

නගර සභාවේ සභාපති ලෙස කටයුතු කරන සමයේ ඔහු නගරාධිපති ලෙස සඳහන් කූට ලේඛනයක් ආගමන විගමන දෙපාර්තුමේන්තුවට ඉදිරිපත් කර අදාළ විදේශ ගමන් බලපත්‍රය සකස් කරගෙන ඇතැයි පරීක්ෂණ වලදී අනාවරණය වී තිබිණි.

 

කූට ලේඛනය සකස් කිරීමට ඔහුට සහාය ලබාදීම හේතුවෙන් නගර සභාවේ එවකට සිටි ලේකම්වරිය මධ්‍යම පළාත් පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් මහතා විසින් වෙනත් ආයතනයකට මාරු කරනු ලැබූයේ පසුගිය 2021 වසරේ මැයි මසදීය.

-දිවයින-

views

723 Views

Comments

arrow-up