කඩදාසි හිඟය නිසා පාසල් වාර විභාග පැවැත්වීමටත් බාධා

රට තුළ පවතින මුද්‍රණ කඩදාසි සහ අමුද්‍රව්‍යවල හිඟය හේතුවෙන් 2021 වසරට අදාළ බස්නාහිර පළාත් අවසන් වාර විභාගය පැවැත්වීමට බාධා පැමිණ තිබේ.
ඒ අනුව, අදාළ ශ්‍රේණි සඳහා විභාග පැවැත්විය යුතු ආකාරය පිළිබඳව සඳහන් කරමින් සියලු ම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් ලිපියක් යොමු කරනු ලැබ ඇත.
එහි සඳහන් කර ඇත්තේ, 6,7 සහ 8 ශ්‍රේණි සඳහා වාර අවසාන විභාගය මාර්තු 21 දින සිට මාර්තු 28 දින දක්වා පැවැත්වීමට කාල සටහනෙහි සඳහන් විෂයන්වල මෘදු පිටපත් කලාප අධ්‍යාපන කාර්යාල වෙත මේ වන විට ත් ලබා දී ඇති බවය.
කෙසේ වෙතත්, වර්තමානයේ රට තුළ පවතින මුද්‍රණ කඩදාසි හා අමුද්‍රව්‍යවල හිඟතාව හේතුවෙන් පාසල් මට්ටමින් හා පාසල් පවුරු මට්ටමින් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය අපහසු බව විදුහල්පතිවරුන් දන්වා ඇතැයි බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව අදාළ ලිපියෙහි සඳහන් කර තිබේ.
එබැවින් 6,7 සහ 8 ශ්‍රේණි සඳහා බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු ප්‍රශ්න පත්‍රය අනුව වාර විභාගය පැවැත්විය හැකි සෑම පාසලක්ම එම කාල සටහන අනුව විභාගය පැවැත්විය යුතු බවට දැනුම් දී ඇත.
එසේ පැවැත්වීමට අපහසු පාසල් සඳහා ප්‍රශ්න පත්‍ර සහ අදාළ කාල සටහන පාසල් මට්ටමින් සකස් කර විභාගය පැවැත්වීමට කටයුතු කළ යුතු බවට එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
තව ද 9,10 සහ 11 ශ්‍රේණි සඳහා වාර විභාගය මෙම වසරේ අප්‍රේල් පාසල් නිවාඩු කාලයෙන් පසුව පැවැත් වීමට තීරණය කර ඇති අතර 9,10 සහ 11 ශ්‍රේණි සඳහා සංශෝධිත කාල සටහන ඉදිරියේදී දැනුම් දෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සිය ලිපිය මගින් වැඩිදුරට ත් දැනුම් දී ඇත.
998 Views
Comments