කාලේ කුප්පි තහනම විකාර මාධ්‍ය සංදර්ශනයක් - මත්පැන් සමාගම්

කාලේ මත්පැන් බෝතලය තහනම් කිරීම ප්‍රායෝගිකව සිදුකළ නොහැකි දෙයක් බව මත්පැන් සමාගම්වල ප‍්‍රධානීන් සඳහන් කරයි.
මත්පැන් මත අයකරන සුරාබදු හේතුවෙන් අරක්කු බෝතලයක් මිලදී ගැනීමද අසීරු වී තිබෙන අවස්ථාවක කාලේ බෝතලයක් මිලදී ගන්නේද ඉතා අමාරුවෙන් බව එම සමාගම් කිහිපයක ප‍්‍රධානීන් පවසා සිටියි.
2018 වසරේදී මෙරට මත්පැන්ලෝලීන් භාවිතා කළ මත්පැන් බෝතල් සංඛ්‍යාව විසිකෝටි දොළොස් ලක්‍ෂ විසි එක්දහස් එකසිය අසූඑකකි. (201,221,181) එයින් දසකෝටි පනස්පන්ලක්‍ෂ තිස් දෙදහස් එකසිය හැට නවයක්ම (105,532,169) මිලි ලීටර් 180 බෝතල් යැයි ඔවුන් කියා සිටියි.
මිලි ලීටර් 750කින් සමන්විත අරක්කු බෝතල් මිලදී ගැනීමට නොහැකි නිසා මත්පැන්ලෝලීන් කාලේ බෝතල් මිලදී ගන්නේ ඊට වඩා මුදලක් වැය කිරීමට නොහැකි තැනට ඔවුන් ඇදවැටී ඇති නිසා යැයිද ඒ අය පවසයි.
කාලේ බෝතල් තහනම විකාර මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව මත්පැන් සමාගම් වැඩි දුරටත් කියා සිටී.
744 Views
Comments