AUG
18
රජය මාසිකව ඔක්සිජන් ලීටර් 320,000ක් ආනයනය කිරීමට යයි

කොරෝනා රෝගීන්ගේ අවශ්‍යතාව සඳහා ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවී තිබේ.
දැනට මාසිකව ආනයනය කරන ඔක්සිජන් ලීටර 1,20,000ට අමතරව මෙම ඔක්සිජන් ලීටර 320,000 ආනයනය කෙරේ.
ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව මේ වනවිට විශාල වශයෙන් ඉහළ ගොස් ඇත.
දේශීයව නිපදවන දෛනික ඔක්සිජන් ප්‍රමාණය ටොන් හැත්තෑ අටක් පමණ වන අතර දැනට අවශ්‍යතාව ටොන් 95ක් පමණ වන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
742 Views
Comments