වතුර බොන්න වැවට ආ ඇතින්න හක්කපටස් කා මරුට

හක්ක පටස් ආහාරයට ගෙන මියගිය ඇතින්නකගේ මළ සිරුරක් වවුනියාව මඩුකන්ද වැව් ඉස්මත්තේ තිබී වන ජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇත.
ගොවීන් විසින් අටවන ලද හක්ක පටස් බෝම්බ කෑම නිසා අවුරුදු පහක් පමණ වයස මෙම ඇතින්නගේ මුඛය තුවාල වී දින කීපයක්ම වැව ආසන්නයේ කැලයේ සිටි බවට වන ජීවී නිලධාරීන්ට තොරතුරු ලැබී තිබේ.
වතුර බීමට වැවට පැමිණි පසු එම ඇතින්න මියගොස් ඇති අතර උතුරු පළාත් සහකාර වනජීවී අධ්‍යක්ෂ එන්. ගිරිදරන් මහතා විසින් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවුනේ හක්ක පටස් ආහාරයට ගැනීම නිසා ඒවා පුපුරා යෑමෙන් ඇතින්නට ආහාර ගැනීමට නොහැකිව මෙසේ මියගොස් ඇති බවයි.
වවුනියාව වනජීවී නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
743 Views
Comments