ගාල්ල බන්ධනාගාරයේ සියදිවි හානිකරගත් රැදවියාට කොරෝනා

ඉකුත් 21 වන දා ගාල්ල බන්ධනාගාරයේ සිරදඩුවම් විදිමින් සිටි සිරකරුවෙකු එදින රාත්‍රියේ සිර මැදිරිය තුල ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත් වී ඇති අතර ඔහුට කොරෝනා වෛරසය ආසාධිත ඇති බව පසුව සිදු කල PCR පරීක්ෂණ මගින් අනාවරණය වී අැත.
මෙහිදී සිරුර කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ආ පසු සිදු කල PCR පරීක්ෂණයකින් පසු ඔහු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගෙන ඇත.මෙම මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදු වන අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ(23) කරාපිටිය අධිකරණ වෛද්‍ය ඒකකයේ දී පැවැත්වුණි.
මියගිය පුද්ගලයා කොරෝනා ආසාදිත වුවත් බන්ධනාගාරය තුළදී ගෙල වැළලාගෙන සිය දිවි හානිකරගෙන ඇති නිසා සිරුර ඔට්මාවඩි ප්‍රදේශයට ගෙන ගොස් භූමදාන කිරීමට නියමිත බව රෝහල් අධිකරණ අංශය පවසයි.
987 Views
Comments