JUL
17
පොලිස් අත්අඩංගුවේ සිටි කාන්තාවක් ජීවිතක්ෂයට - මරණය පිළිබඳව පොලීසියට චෝදනා

පෑලියගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි 43 හැවිරිදි කාන්තාවක් පොලිස් ස්ථානය තුළ දීම ජීවිතක්ෂයට පත්ව තිබේ.
තිදරු මවක් වන මෙම කාන්තාව දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන තිබුණි.
අත්අඩංගුවේ පසු වන විට ඇයට යම් අසනීප තත්ත්වයක් ඇතිවී තිබෙන අතර ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කළ ද ඇයට ප්‍රතිකාර කිරීම හෝ රෝහල්ගත කිරීමට පියවර නොගැනීම මෙම මරණයට හේතුව බවයි ජීවිතක්ෂයට පත් වූ කාන්තාවගේ ඥාතීන් පවසන්නේ.
12574 Views
Comments