"මූවිං ෆෝර්වර්ඩ්" තේමාව යටතේ ඔලිම්පික් සමාරම්භක උත්සවය ඇරඹේ

ඈත අතීතයේ සිටම විශ්වයේ සුවිශේෂීම සැණකෙලිය ලෙස නම් දැරූ 32 වැනි ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරමිභක උත්සවය ජපානයේ,ටෝකියෝ හිදි ඇරඹුණි.
”මූවිං ෆෝර්වර්ඩ් හෙවත් ඉදිරියට ගමන් කිරීම” මෙවර ඔලිම්පික් උළෙලේ තේමාව වන අතර අද පැවති සමාරම්භක උත්සවය පැවැත්වුණේ අන්තර් ජාතික ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බාක් මහතාගේ ප්‍රධානත්වයෙනි.
ශ්‍රී ලංකාවෙන් එක්වන කණ්ඩායමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙක් ඇතුළත් ය.
ඊයේ (23) පැවැති සමාරම්භක උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යාමේ අවස්ථාව හිමි වූයේ, ජූඩෝ ක්‍රීඩක චාමර ධර්මවර්ධනට සහ ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගෙහානිටයි.
ඇයට අමතරව බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක කරුණාරත්න, පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන මැතිව් අබේසිංහ සහ අනිකා ගෆූර්, ඉලක්කයට වෙඩි තැබීමේ ක්‍රීඩිකා ටෙහානි එගොඩවෙල, අශ්වාරෝහක ක්‍රීඩිකා මැතිල්ඩා කාල්සන්, මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වන යුපුන් අබේකෝන් සහ නිමාලි ලියනාරච්චි ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වේ.
953 Views
Comments