පැය විසි හතරට නිරෝධායන නීති කැඩූ එකසිය විසි එකක් කොටු

ගතවූ පැය විසි හතරට මේ රටේ පවතින සංචරණ සීමා හා නිරෝධායන නීති උල්ලංඝණය කරමින් හැසිරුණු පුද්ගලයින් එකසිය විසි එක් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මේ රටේ පවතින නීරෝධායන නීති උල්ලංඝණය කරමින් මෙි දක්වා පුද්ගලයින් 51,859ක් අත්අඩංගුවට ගෙන ඇති බව එතුමා වැඩිදුරටත් පැවසීය.
මේ වන විට පවතින පළාත් සංචරණ සීමා උල්ලංඝනය කරමින් පළාත් හරහා ගමන් කිරීමට උත්සාහ කළ වැඩි පිරිසක් සහ ඔවුන් පැමිණි වාහන නැවත හරවා යැවූ බව වාර්තා වේ.
794 Views
Comments