හොර සම්බාහන මධ්‍යස්ථානය වටලා 80 හැවිරිදි වෛද්‍යවරයා සහ සුරූපී කතුන් 2ක් අත්අඩංගුවට

කිසිදු බලපත‍්‍රයක් නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය බෙන්තොට දෙද්දුව ප‍්‍රදේශයේ සම්බාහන ආයතනයක් පෙරේදා(22) වැටලූ බෙන්තොට පොලිසිය එහි සිටි 80 හැවිරිදි වෛද්‍යවරයෙකු සමඟ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය.
කොරෝනා ව්‍යසනය හමුවේ දීර්ඝ කාලයක් වසා දමා තිබූ මෙම ස්ථානය සෞඛ්‍ය නීති ලිහිල් කිරීමත් සමඟ යළි ආරම්භ කර ඇති බවට ලද තොරතුරු අනුව අධිකරණයෙන් සෝදිසි වරෙන්තුවක් ලබාගෙන වටලන ලැබිණි.
නිසි බලපත‍්‍රයක් ඔවුන් සතුව නොතිබූ අතර අවසර ලබා ගැනීම සඳහා අයදුම් පත‍්‍රයක් ඉදිරිපත් කර ඇති බව ඔවුන් ප‍්‍රකාශකළ බවත් පොලිසිය කියයි.
එහි සිටි 80 හැවිරිදි ආයුර්වේද වෛද්‍යවරයකු, සම්බාහන කාර්ය සිදු කරන 32 හැවිරිදි විවාහක කාන්තාවක් හා එහි පාලිකාව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර වෛද්‍යවරයා හා සැකකාරියන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර ඔවුන් ජූලි මස 27 වන දින බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
1283 Views
Comments