ජංගම එන්නත්කරණයට ජනාධිපති නියෝග
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
17

ජංගම එන්නත්කරණයට ජනාධිපති නියෝග

ජංගම එන්නත්කරණයට ජනාධිපති නියෝග

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ කොවිඩ් 19 එන්නත්කරණය දිවයින පුරා දිස්ත්‍රික් මට්ටමින් වේගවත් කර ඇති අතර අසනීපයෙන් පෙළෙන සහ නිවෙස් අතහැර යාමට නොහැකි පුද්ගලයන් සදහා ජංගම සේවාවක් ලෙස එන්නත්කරණය සිදුකරන ලෙසයි.

 

කොවිඩ් 19 පාලනය සම්බන්ධ විශේෂ කමිටුව සමග කළ රැස්වීමකදී ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ විශේෂ දුරකථන අංක මගින් හෝ  මහජන සෞඛ්‍ය නිලධාරීන්ගේ හෝ වෛද්‍ය නිලධාරීන්ගේ සහය ඇතිව තොරතුරු ලබාගනිමින් මෙම එන්නත්කරණ වැඩසටහන් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි.

 

පසුගිය දින කිහිපය තුල හදුනාගත් කොවිඩ් රෝගීන්ගෙන් වැඩි ප්‍රතිශතයක් එන්නත ලබා නොගත් පුද්ගලයන් බැවින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ එන්නත් ලබා ගැනීමේ වැදගත්කම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය සහ එන්නත්කරණ වැඩසටහන්වලට ජනතාව සම්බන්ධ කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳවයි.

views

871 Views

Comments

arrow-up