AUG
20
වන වැදුනු ගම්සබේ

මීට සත් වසරකට පෙර ඉදි කළ ප්‍රජා ශාලාවක් කැලෑවෙන් වැසී යාමේ පුවතක් පිළිබඳව උහන ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බණ්ඩාරදූව ගම්මානයෙන් වාර්තා වනවා.
කඩින් කඩ ඉදිකෙරුණු මෙම ප්‍රජා ශාලාවේ වැඩ මෙතෙක් නිම කිරීමට අදාළ බලධාරීන් තවමත් කටයුතු කර නොමැති අතර ජනතාවගේ බදු මුදලින් ඉදි වූ මෙය මේ වන විට කිසිවෙකුට ප්‍රයෝජනයක් ගත නොහැකි සේ කැලයෙන් වැසීගොස් තිබෙන බවයි ගම්වාසීන් ප්‍රකාශ කර සිටින්නේ.
අදාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළත් ඊට නිසි විසඳුම් නොලැබුණු බවයි ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.
200 Views
Comments