JAN
12
රන් සංචිත තළඹෙහි ද්‍රවශීලතාවය ඉහළනැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා මහබැංකුවේ රන් සම්භාර අඩු කරයි

මෙරටට අයත් රත්රන් සංචිත ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විකුණා දමා ඇති බවට පසුගිය දින කිහිපයේ මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබිණි.
ඊට ප්‍රතිචාර වශයෙන් නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා මහබැංකුව සදහන් කර ඇත්තේ “රන් සංචිත තළඹෙහි ද්‍රවශීලතාවය ඉහළනැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා මහබැංකුවේ රන් සම්භාර 2021 වර්ෂය අගවන විට අඩුවන්නට ඇති” බවයි.
අනෙකුත් සෑම නිවේදනයක්ම සරල සිංහලෙන් නිකුත් කරන මහබැංකුව මෙම නිවේදනය පමණක් හෙළ ශුද්ධ සිංහල බස යොදාගෙන ප්‍රකාශයට පත්කර තිබීම කාගේත් හාස්‍යයට ලක්ව ඇත.
916 Views
Comments