JAN
05
ගෙවුණු වසරේ පොලොන්නරුවේ අලි මරණ ඉහලට

පොලොන්නරුව වනජීවී කලාපයේ ගෙවුණු වසර තුළ අලි මරණ 71ක් සිදුවී ඇති බව වනජීවී නිලධාරීන් පවසයි.
එම සංඛ්‍යාව 2020 වසර හා බල කල බෙහෙවින් ඉහළ අගයක් පෙන්නුම්කරන බව පෙනීයයි.
එමෙන්ම වන අලි පහරදීම් හේතුවෙන් පසුගිය වසරේ(2021) මිනිස් මරණ 17ක්ද සිදුවී ඇත.
වනජීවී දෙපාර්තමේන්තුවේ නිල දත්තවලට අනුව ඊට පෙර වර්ෂයේ(2020) අලි මරණ49ක් සිදුවී ඇති අතර මිනිස් මරණ 19ක් සිදුවී තිබේ.
692 Views
Comments