මරණ දඬුවම සංශෝධනය කෙරේ

මරණ දඬුවම සම්බන්ධ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 218 මගධය සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
එය හරහා වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයින්ට මරණ දණ්ඩනය නියම කිරීම හෝ සටහන් කිරීම නොකළ යුතු අතර ඒ වෙනුවට ජනාධිපතිවරයා ගේ කැමැත්ත ඇති තෙක් රැඳවුම් භාරයේ තැබීමට පහසුකම් සලසමින් දණ්ඩ නීති සංග්‍රහයේ 53 වන වගන්තිය සංශෝධනය තුළ තිබෙනවා.
එහෙත් වරද අවුරුදු 18ට අඩු වන විටෙක දී මරණ දණ්ඩනය පැනවීමෙන් දඬුවම් නොකළ යුතු බවට වන විධිවිධාන සංග්‍රහ පනතේ 281 වන වගන්තියට මේ වන විට ඇතුළත් කර නොතිබුණි.
ඒ අනුව මෙම නව සංශෝධනය මගින් දණ්ඩනීති සංග්‍රහය සහ අපරාධ නඩු විධිවිධාන සංග්‍රහයේ ඇතුලත් කරුණු වල පැවති අසමානතාව අවසන් වනු ඇති.
835 Views
Comments