කබ්රාල් රටේ පස් වැනි පුරවැසියා වෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
27

කබ්රාල් රටේ පස් වැනි පුරවැසියා වෙයි

කබ්රාල් රටේ පස් වැනි පුරවැසියා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට කැබිනට් ඇමතිවරයෙකුගේ තත්ත්වය පිරිනමා ඇත. මෙම නව බලතලත සමග ඔහු රටේ පස්වැනි පුරවැසියා බවට පත්වේ.

 

ඒ අනුව මින් ඉදිරියට මහබැංකු අධිපතිවරයා ‘ගරු මහ බැංකු අධිපතිතුමා’ ලෙස ආමන්ත්‍රණය කිරීමට නියමිතය. රාජ්‍ය උත්සවවලදී කැබිනට් අමාත්‍යවරුන් අසුන් ගන්නා පේලියේ අසුන් පනවනු ලැබේ.

 

රටේ පළමු පුරවැසියා ජනාධිපතිවරයා වන අතර අගමැති, කතානායක, අගවිනිසුරු පිළිවලින් දෙවැනි,තුන්වැනි හා හතර වැනි පුරවැසියන් වේ. මහා බැංකු අධිපතිවරයා මින් මතු 5 වැනි පුරවැසියා බවට පත්වන්නේ කැබිනට් ඇමැතිවරුන් පස්වැනි පුරවැසියන් ලෙස ගැනෙන බැවිනි.

 

මින් පෙර 1950 දශකයේදී ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා කැබිනට් අමාත්‍යවරයෙකුගේ සමාන තත්ත්වයට පත් කර තිබුණු අතර 1962 දී සහ 78 දී ව්‍යවස්ථාවලින් එම තත්ත්වය අහිමි කෙරිණි.

views

703 Views

Comments

arrow-up