MAR
02
කොරෝනා දේහ භූමිදානයට ඉරණතිව් දූපත හඳුනාගැනේ

කොරෝනා අසාදිත මියයන පුද්ගලයින්ගේ මෘතදේහය භූමිදානය කිරීම සඳහා ඉරණතිව් දූපතේ බිම් කොටසක් හදුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
භුමිදානය කිරීමට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ලැබුණු වහාම භූමිදානය කිරීම සඳහා කටයුතු ආරම්භ කරන බව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියා.
භූමිදානය කිරීම සඳහා එම දූපත වෙත රැගෙන වියදම රජයෙන් දරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
751 Views
Comments