පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් දිවයිනට පැමිණෙයි

පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු 40 දෙනෙකු ගෙන් යුත් දූත පිරිස පකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා.
පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස කටුනායන බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ පරිශ්‍රයේ දී අද (23) දින පස්වරුවේ මහත් හරසරින් පිළිගනු ලැබුව.
අග්‍රාමාත්‍යවරයා ලෙස මගේ ආරාධනාවකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස මෙරටට පැමිණියහ.
පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා සමඟ එරට විදේශ හා වාණිජ අමාත්‍යවරුන් ඇතුළු විශාල වෙළඳ දූත පිරිසක් ද මෙ රටට පැමිණ තිබේ.
කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපළට පැමිණි පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙනුවෙන් හමුදා වෙඩිමුර 19 ක් සහ හමුදා සම්මාන ආචාර පෙළපාලියක් ද පැවැත්විණි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීහු ද ඊට එක්වූහ.
අනතුරුව පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා ගුවන්තොටුපළෙහි වූ විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි (Golden Book) සටහනක් තැබුවේ ය.
පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා අතර පැවත්වෙන ද්විපාර්ශවික සාකච්ඡාව අද අරලියගහ මන්දිරයේ දී පැවැත්වෙයි.
ඉන් අනතුරුව දෙරට අතර ආර්ථික හා වෙළඳ, ආයෝජන, කාර්මික තාක්ෂණ, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ගිවිසුම් 5ක් අත්සන් තැබීමට නියමිත ය. පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා හෙට (24) දිනයේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිත ය.
අනතුරුව කොළඹ දී පැවැත්වෙන වෙළඳ හා අයෝජන සමුළුවට එක්වන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා නැවත සිය රට යාමට පෙර ශ්‍රී ලාංකේය ක්‍රීඩකයන් හමුවනු ඇත.
මෙම පිළිගැනීමේ උත්සව අවස්ථාව සඳහා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු, මන්ත්‍රීවරු හා අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා හා ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරී පිරිසක් ද එක්ව සිටියහ.
773 Views
Comments