කිලිනොච්චියේ A-9 වසා විරෝධතාවක්

A-9 ප්‍රධාන මාර්ගය අවහිර කරමින් කිලිනොච්චිය පච්චිලෙයිපල්ලි ලේකම් කොට්ඨාශයේ කරන්දායි-වල ගම්වාසීන් පිරිසක් විරෝධතාවක නිරත වී තිබෙනවා.
පොල් සංවර්ධන මණ්ඩලය විසින් තමන්ගේ ඉඩම් අත්පත් කරගෙන ඇති බව පවසමිනුයි ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත ව ඇත්තේ.
මෙම විරෝධතාව හේතුවෙන් මාර්ගයේ ගමනාගමනයට බාධා ඇති වූ අතර පලෙයි පොලිසිය එම ස්ථානයට පැමිණියා.
පසුගිය යුද සමයේදී ගම්වාසීන් ආරක්ෂාව කතා ඔවුන්ගේ ඉඩම් අත් හැර වෙනත් ප්‍රදේශවලට ගොස් යුද්ධය අවසන් වීමෙන් පසුව 2010 වසරේ දී නැවත පදිංචි වී තිබෙනවා.
පොල් සංවරධන මණ්ඩලයේ නිලධාරීන් විසින් අදාළ ඉඩම් රජය බව පවසමින් 2015 වසරේ සිට මේ දක්වා ඔවුන්ගේ ඉඩම් අත්පත් කර ගනිමින් සිටින බවට විරෝධතාකරුවන් චෝදනා කරනවා.
පොල් සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන් ද පැමිණ පදිංචිකරුවන්ගේ තහවුරු කළ හැකි ලිපි ලේඛන වලට අනුව නිත්‍යානුකූලව එම කටයුතු සිදුකරන බවට පැවසීමෙන් අනතුරුව විරෝධතාකරුවන් විසිර ගියා.
801 Views
Comments