දිවයිනේ බොහෝ ප්‍රදේශවලට උදෑසන දැඩි මීදුම් තත්වයක් සමඟ වැසි රහිත කාලගුණයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.
සබරගමුව පළාතේත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැක.
මධ්‍යම,සබරගමුව, ඌව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසනකාලයේදී මීදුම්සහිත තත්ත්වයක්ඇ තිවිය හැක.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී. දිවයින වටා මුහුදුප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි.
සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ. කොළඹ සිට පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක.
කොළඹ සිට පුත්තලම දක්වා සහහම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවිටින් විට රළු විය හැක.
දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ. ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිලිබදව අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටිනු ලැබේ.
828 Views
Comments