දිස්ත්‍රික්ක කිහිපයකට සුළං සමඟ මි.මි 50 ඉක්මවූ වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
03

දිස්ත්‍රික්ක කිහිපයකට සුළං සමඟ මි.මි 50 ඉක්මවූ වැසි

දිස්ත්‍රික්ක කිහිපයකට සුළං සමඟ මි.මි 50 ඉක්මවූ වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට,මාතලේ සහ නුවරඑලිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. ඇතැම් ස්ථානවලට මි.මී. 50ට ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැක.

 

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින්විට පැ.කි.මි. 50 පමණ දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.

 

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100 ක පමණ තද වැසිද ඇතිවිය හැක.

 

බස්නාහිර, මධ්‍යම,සබරගමුව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ. ත්‍රිකුණාමලය සිට හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

 

දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එයි. සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

කොළඹ සිට සහ පුත්තලම, කන්කසන්තුරය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

කොළඹ සිට පුත්තලම , කන්කසන්තුරය, මඩකලපුව හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක. සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වේ.

 

 

views

702 Views

Comments

arrow-up