ගම්පහ නගරයේ කොටසක් වසා දැමේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
09

ගම්පහ නගරයේ කොටසක් වසා දැමේ

ගම්පහ නගරයේ කොටසක් වසා දැමේ

ගම්පහ නගරයේ පොදු වෙළඳ පොළ ආශ්‍රිතව දින තුනක් තුල කොවිඩ් 19 ආසාදිතයින් 58 දෙනෙකු හමුවීම මත පවතින අවදානම සලකා නගරයේ කොටසක් සහ එම කොටසෙහි සියලුම වෙළඳසල් සහ ආයතන නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට අද (9) සවස පුරපති එරංග සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කෙරිණි.

 

ගම්පහ නගරයෙහි දැඩි අවදානම් සහිත තත්ත්වයක් පවතින බැවින් ඉතාම අවශ්‍යතාවයකට හැර නගරයට පැමිණීමෙන් වලකින ලෙස ජනතාවට දැඩි අවවාදයක් කිරීමට සිදුව ඇති බව ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂක නන්දන පතිරගේ මහතා මාධ්‍යයට පැවසීය.

 

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් පොදු වෙළඳ පොලෙහි වෙළඳුන්ට සිදු කළ රැපිඩ් ඇන්ටිජන් සහ පී.සී.ආර් පරීක්ෂණයට අනුව ඉකුත් 6 වෙනි දින සිට ඊයේ වනවිට ආසාදිතයින් 58 දෙනා හමුව ඇති බවත් තවත් පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් පතිරගේ මහතා සදහන් කළේය.

 

පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් බ්‍රස්පතින්දා (11) දිනයේ නගරයේ වෙළෙඳසල් සහ ආයතනයන්හි කටයුතු කරන්නන් 1000 ක් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කිරීමට පියවර ගන්නා බව පුරපති එරංග සේනානායක මහතා පැවසීය.

views

827 Views

Comments

arrow-up