ජපන් රජයෙන් ශ්‍රී ලංකා පොලීසියට වාහන 45ක් පරිත්‍යාග කරයි (PHOTOS)
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
16

ජපන් රජයෙන් ශ්‍රී ලංකා පොලීසියට වාහන 45ක් පරිත්‍යාග කරයි (PHOTOS)

ජපන් රජයෙන් ශ්‍රී ලංකා පොලීසියට වාහන 45ක් පරිත්‍යාග කරයි (PHOTOS)

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ පරිහරණය සඳහා ජපාන රජය පරිත්‍යාග කළ ජීප් රථ 31ක්, බස් රථ 04ක් සහ වෑන් 10ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත සංකේතාත්මකව භාරදීම අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවුණා.

 

වාහන භාරදෙනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිර සුගියාමා මහතා විසින්.

 

වාහනවල තත්වය විමසා බැලූ ජනාධිපතිතුමා තානාපතිවරයා සමග සුහද කතා-බහක නිරත වුණා.

 

ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන විමර්ශන පහසු කිරීම සඳහා ජපාන රජය මේ පරිත්‍යාගය කර ඇත.

 

රුපියල් මිලියන 1250ක පූර්ණ ප්‍රදානයක් ලෙස ලැබෙන පරිත්‍යාගයේ පළමු පියවර ලෙස රුපියල් මිලියන 775ක් වටිනාකමින් යුත් වාහන 45ක් අද භාර දෙනු ලැබිණි.

 

දෙවැනි පියවර ලෙස තවත් වාහන සහ අති නවීන සෝදිසි උපකරණ තොගයක් ඉදිරි කාලයේ දී ලැබෙයි.

 

ජීප් රථ 25, මෝටර් බයිසිකල් 150ක්, Search Gates 7ක්, Total Search Machine 01ක් , Handheld Metal Detector 80ක් ඊට අයත්.

 

 

views

772 Views

Comments

arrow-up