මෙරට ලාබාලතම කොරෝනා මරණය අද වාර්තාවේ - වයස දින 20යි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

මෙරට ලාබාලතම කොරෝනා මරණය අද වාර්තාවේ - වයස දින 20යි

 මෙරට ලාබාලතම කොරෝනා මරණය අද වාර්තාවේ - වයස දින 20යි

දින 20ක් පමණ වයසැති බිලිඳෙකු කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අද අළුයම් කාලයේදී ඇතුලත් කරනු ලැබූ අතර එම දරුවා අද සවස ජිවිතක්ෂයට පත්ව තිබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ජී. විජේසුරිය ප්‍රකාශ කර සිටිනවා.

 

මෙම බිලිඳා රෝහලට ඇතුලත් කරනු ලබන අවස්ථාවේදී තදබල නියුමෝනියා තත්ත්වයෙන් සිට ඇති නිසා සිදුකළ PCR පරීක්ෂණයේ දී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ද තහවුරු වී තිබෙනවා

 

මෙම බිලිඳාගේ දෙමව්පියන්ට මෙතෙක්  කොවිඩ් ආසාදනය වී නොමැතිබව සිදුකළ PCR  පරීක්ෂණ මගින් හෙළිවී තිබෙනවා.

 

මෙම බිලිඳාගේ මරණයට සෘජු හේතුව ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වීම නොවන බවත් පැවති තදබල නියුමෝනියා තත්ත්වය හේතුවෙන් මරණය සිදුවන්නට ඇති බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

 

මියගිය මෙම බිලිඳා කොළඹ, මෝදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 

 

views

625 Views

Comments

arrow-up