"බුරවි" අද නැගෙනහිරින් රට තුලට ඇතුල් වේ - ජනතාවට අනතුරු ඇගවිම්..

“බුරවි” සුළි කුණාටුව අද සවස හෝ රාත්‍රී කාලයේදී නැගෙනහිර වෙරළින් දිවයිනට ඇතුලු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ සුළි කුණාටුව මඩකලපුව සහ පේදුරුතුඩුව ප්‍රදේශ අතරින් දිවයිනට ඇතුලු විය හැකි බවයි. දිවයිනපුරා වැසි හා සුළං තත්ත්වය වැඩි වේ
දැනට එය ත්‍රිකුණාමලයට ගිනිකොන දෙසින් කිලෝමිටර් 330 ක් දුරින් නැගෙනහිරට බරව ස්ථානගත වී තිබේ.
සුළි කුණාටුවත් සමග සුළගේ වේගය පැයට කිලෝමිටර් 75- 85 ත් අතර වන අතර එය පැයට කිලෝමිටර් 95 දක්වා වරින් වර වැඩිවිය හැකි බව ද කාලගුණ නිවේදනයේ සදහන් වේ.
සුළි කුණාටුව ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හමා යනු ඇත.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ මේ හේතුවෙන් දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමිටර් 80 ත් 100 ත් දක්වා ඉහළ යා හැකි බවයි.
සුළි කුණාටුව නැගෙනහිර වෙරළට ආසන්න වන අවස්ථාවේදී මුහුදු රළ උදම් රළ මට්ටමට වඩා මීටර් එකක් පමණ ඉහල යා හැකි බව ද කාලගුණ නිවේදනයේ සදහන් වේ.
උතුරු, උතුරුමැද , නැගෙනහිර , වයඹ , බස්නාහිර, මධ්‍යම , සබරගමුව යන පළාත්වලට කාලගුණයෙන් රතු අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම ප්‍රදේශවල පැයට කිලෝමිටර් 80 ත් 100 ත් දක්වා වන ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇතිවිය හැකි බවයි.
උතුර, උතුරු මැද, නැගෙනහිර හා වයඹ පළාත්වල බොහෝ ස්ථානවලට නිරන්තරයෙන් වැසි ලැබෙන අතර ඇතැම් ස්ථානවලට මිලිමිටර් 200 ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.
දිවයිනේ සෙසු පළාත්වලට ද මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවලින් වැලකී සිටින ලෙසයි.
694 Views
Comments