පුද්ගලික රෝහල් වල ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට මාර්ගෝපදේශ නිකුත් කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
01

පුද්ගලික රෝහල් වල ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට මාර්ගෝපදේශ නිකුත් කරයි

පුද්ගලික රෝහල් වල ඇන්ටිජන් පරීක්ෂණ  කිරීමට  මාර්ගෝපදේශ නිකුත් කරයි

කොරොනා  ආසාදිතයන් හඳුනාගැනීම සඳහා යොදා ගැනෙන ‘ඇන්ටිජන් පරීක්ෂණ’ පුද්ගලික අංශයේ ආයතන සඳහා සිදුකිරීම සම්බන්ධයෙන් වන සෞඛ්‍ය මාර්ගෝපදේශ අද (01) නිකුත් කෙරුනා .

 

ඒ අනුව, පෞද්ගලික අංශයේ රෝහල්වලට ද ‘ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ ‘ (ඇන්ටිජන් පරීක්ෂණ) එම මාර්ගෝපදේශ යටතේ සිදුකිරීමට අවසර ලැබේ.

 

මෙරට ද “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ” මඟින් කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීමට පසුගිය සතියේ  රජයේ රෝහල්වල අරම්භ කෙරුනා.

 

කොවිඩ් වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්ති වේගය අවම කිරීමට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අවසර ලබාදුන්නා

 

කොවිඩ් ආසාදිතයින් හඳුනාගැනීමට පුද්ගලික අංශයේ ආයතනවලට අවස්ථාව ලබාදෙමින් ”ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ ” සිදුකිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අද නිකුත් කරනු ලැබීය.

 

එම මාර්ගෝපදේශ පහතින් දැක්වේ.

 

1. පුද්ගලික ආයතනයකට සේවකයින් ඇතුළුවීමේදී කොවිඩ් ආසාදිතයෙකු බවට සැකසහිත රෝගී ලක්ෂණ ඇති අයෙකු වේ නම් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කළ යුතුය.

 

2. පරීක්ෂාවට යොමුකරන පුද්ගලයින්ගේ තොරතුරු සහ පරීක්ෂණ ප්‍රතිඵල සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයට, දිස්ත්‍රික් වසංගත රෝගවේදියාට සහ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට යොමු කළ යුතුය.

 

3. ආසාදිත බව තහවුරු වන්නේ නම් අදාළ අංශ දැනුවත් කර ප්‍රතිකාර ආරම්භ කළ යුතුය.

 

4. ආයතනයක කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගන්නා පුද්ගලයින් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවට යොමු කළ හැකිය.

 

5. ආයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ පවතින කර්මාන්තශාලාවල සෞඛ්‍ය මාර්ගෝපදේශ මත PCR පරීක්ෂණ සිදුකළ යුතුය.

 

6. යම් කර්මාන්තශාලාවක් කොවිඩ් අධි අවදානම් කලාපයක පිහිටා ඇත්නම් එහි සේවක පිරිසෙන් 10% ක් දක්වා පිරිසකට ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂා සිදුකළ හැකිය.

views

627 Views

Comments

arrow-up