DEC
01
මහර ගැටුම ගැන සොයන කමිටුවෙන් අජිත් රෝහණ ඉවත් වෙයි

මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුවේ සාමාජිකත්වයෙන් තමා ඉවත් කර වෙනත් අයෙකු පත් කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කර තිබේ.
විෂය භාර අමාත්‍යවරයා වෙත මෙම ඉල්ලීම කර ඇත්තේ තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කරන නිසා මෙම කමිටුව නියෝජනය කිරීමට අපහසු බවයි.
අදාළ කමිටුව පත්කර ඇත්තේ විශ්‍රාමික විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය ගේ ප්‍රධානත්වයෙනි.
619 Views
Comments