අමාරුකම් අස්සේ අමාත්‍යාංශ ලේකම්ට ලක්ෂ 14ක වැටුපක්

ප්‍රභල දේශපාලනඥයකු විසින් අමාත්‍යධුරය හොබවන රටේ ප්‍රධාන අමාත්‍යාංශයක ලේකම්වරයකුගේ මාසික වැටුප ලක්ෂ 14ක් බව අනාවරණය වී තිබේ.
ඊට අමතරව ඔහුට අතිකාල දීමනා පවා හිමිවන අතර එම අමාත්‍යාංශ ලේකම්වරයාගේ පෞද්ගලික ලේකම්ගේ වැටුපද ලක්ෂ 04ක් බව වාර්තාවෙයි.
එම ලේකම්වරයා මීට පෙර මූල්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ආයතනයක සේවයේ නියුතු වූ අයෙකු වන අතර ඔහුට හිමි වත්මන් වැටුප හිමිවනුයේ එම ආයතනයේ වැටුප් පරිමාණයටයි.
කෙසේ වෙතත් මෙම ලේකම්වරයාගේ ප්‍රභල ඇමැතිවරයාටද හිමිවනුයේ රුපියල් ලක්ෂයකටත් වඩා අඩු වැටුපක් බවත් වාර්තාවන අතර රට මේවන විට ආර්ථික වශයෙන් විශාල අර්බුදයකට ලක්වී ඇති මොහොතක රාජ්‍ය නිලධාරියෙකු මෙලෙස මිලියන ගණනින් වැටුප් ලබා ගැනීම පිළිබඳව මේ වන විට රාජ්‍ය නිලධාරීන්ගේද අවධානයට යොමුව තිබේ.
මෙම ලේකම්වරයාගේ ප්‍රභල අමාත්‍යයවරයා විටින් විට විශේෂ ප්‍රකාශ කරමින් රාජ්‍ය වියදම් මෙන්ම සියලුම ජනතාව පවතින තත්ත්වය හමුවේ සිය වියදම් අවම කර කැපකිරීම් කරන්නට සූදානම් වන බවට පවසන අයෙකු වීමද විශේෂත්වයකි.
626 Views
Comments