දින තුනක් තිස්සේ අතුරුදහන්ව සිටි දෙදරු මවගේ මළසිරුර මහවැලියෙන් මතුවෙයි

දින තුනක් තිස්සේ අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලි ගඟේ තිබි අද(30) හමු වු බව නාවලපිටිය පොලිසිය කීය.
මහවැලි ගඟේ තිබි මෙලෙස හමුවුයේ නාවලපිටිය ගෝනාවල පතන ප්‍රදේශයේ පදිංචි නිරංජලා දමයන්ති නැමති 38 හැවිරිදි දෙදරු මවගේ සිරුරයි.
මියගිය දෙදරු මව පසුගිය 27 වන දින නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන තම මව බැලිමට යන බව පවසා නිවසින් බැහැර වි ඇති බවත්, නැවත ඇය නිවසට නොපැමිණි නිසා පවුලේ ඥාතින් නාවලපිටිය පොලිසිය පැමිණිල්ලක් කර ඇත.
මහවැලි ගගේ නාවලපිටිය කිතුල්කොට ප්‍රදේශයේ නාඳුනන කාන්තා මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් අනුව නාවලපිටිය පොලිසිය විසින් සිරුර ගොඩගැනිමෙන් අනතුරුව එය අතුරුදහන්ව සිටි කාන්තාවගේ සිරුර බව ඥාතින් විසින් හදුනාගෙන තිබේ.
මියගිය කාන්තාවගේ වැඩිමහල් දියණිය මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටින සිසුවියක් බවත්, ඇය මව අතුරුදහන් වු දින සහ සිරුර හමු වු අද(30) දිනයෙත් විභාගය සදහා පෙනි සිටිමට ගොස් ඇති බව ඥාතිහූ පවසති.
717 Views
Comments