අයේෂා දැරියගේ ඝාතනයට කීර කොටු ගොවියෙක් සැකපිට අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
30

අයේෂා දැරියගේ ඝාතනයට කීර කොටු ගොවියෙක් සැකපිට අත්අඩංගුවට

අයේෂා දැරියගේ ඝාතනයට කීර කොටු ගොවියෙක් සැකපිට අත්අඩංගුවට

බණ්ඩාරගම අටුලුගම අයේශා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් කීර කොටු කරන පුද්ගලයකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් බාරයට ගෙන ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවැසීය.

 

එම පුද්ගලයාගේ ශරීරයේ ස්ථාන කීපයකම සීරීම් තුවාල දක්නට තිබෙන බවක් බවත් එම නිලධාරියා කීය.

 

සැකකරු පදිංචි නිවසේ ඇද යට සඟවා තිබූ මඩ තැවරුණු සරමක් ද පොලිසිය භාරයට ගෙන ඇත.

 

සැකපිට අත්අඩංගුවට ගත් එම පුද්ගලයා දැරිය අතුරුදන් වූ දිනයේ පෙරවරු 10.15 ට පමණ දැරිය ගමන් ගත් මාර්ගයේ ඔහුගේ කීරකොටුව ඉදිරිපිට මුල්ලුවක් අත දරාගෙන සිට බවට තොරතුරු ලැබී ඇතැයි එම නිලධාරියා කීය.

 

ඝාතනයට ලක්වූ දැරියගේ මළ සිරුර ද හමු වූයේ සැකකරු කිරකොටුවට යාබදව තිබෙන ලදු කැලෑ වේ මඩ ගොහොරුවේ තිබියදීය.

 

පොලිස් භාරයට ගෙන තිබෙන සැකකරුට මීට පෙර ද මවක් හා දියණියක් සිටින නිවසකට රාත්‍රී කාලයේ දී ඇතුළුවී ලිංගික අතවර කිරීමට තැත් කළ පුද්ගලයකු බවත් ඒ සම්බන්ධයෙන් මීට මාස කීපයකට ඉහත දී බණ්ඩාරගම පොලීසියට ද පැමිණිලි ලැබී ඇතැයි එම නිලධාරියා කීය.

views

718 Views

Comments

arrow-up