හොර පාරෙන් ඉතාලි පනින්න හැදු තරුණිය අත්අඩංගුවට
For Sri Lankan's Overseas
Latest_News
calendar
OCT
01

හොර පාරෙන් ඉතාලි පනින්න හැදු තරුණිය අත්අඩංගුවට

හොර පාරෙන් ඉතාලි පනින්න හැදු තරුණිය අත්අඩංගුවට

ව්‍යාජ තොරතුරු හා ලිපි ලේඛන සකස් කරමින් ඉතාලි නේවාසික වීසා බලපත්‍රයක් මගින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර ඔස්සේ ඉතාලිය වෙත යාමට උත්සහ කළ ශ්‍රී ලාංකික තරුණියක් ඊයේ(30) අලු‍යම කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හලාවත, මාරවිල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණියකි.

 

මෙම තරුණිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි බලා යාමට නියමිත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්. ඉසෙඩ් 558 දරණ ගුවන් යානය වෙත පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ ඇත.

 

එම අවස්ථාවේදී ගුවන්යානා ප්‍රවේශපත්‍ර මිලදී ගැනීමේ කවුළුව වෙත පැමිණි ඇය ඉදිරිපත් කළ නේවාසික වීසා බලපත්‍රය ඇතුළු ලියකියවිලි සම්බන්ධයෙන් හටගත් සැකය මත ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ නිලධාරීන් ඇගේ එම ලියකියවිලි වැඩිදුර විමර්ශනය සඳහා කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරින් වෙත භාරදී තිබේ.

 

එහිදී ඇය සතු ඉතාලි නේවාසික වීසා බලපත්‍රය වෙනත් අයෙකුගේ විස්තර ඇතුලත් කර සෑදූ ව්‍යාජ ලෙස සකස් කළ එකක් බව එම නිලධාරීන් සිදුකළ තාක්ෂණික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 

අනතුරුව මෙම තරුණිය  අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් ඇය ඉදිරිපත් කළ ලියකියවිලිද සමඟ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කර තිබේ.

views

830 Views

Comments

arrow-up