දුව ගෙනියන්න මහ රෑ ආ එක්දරු පෙම්වතාට නැන්දම්මාගෙන් ඇසිඩ් ප‍්‍රහාරයක්

දෙමාපියන්ගේ අකමැත්තෙන් දියණිය විවාහකර ගැනීමට නියමිතව සිටි තරුණයෙකුට නැන්දම්මා විසින් ඇසිඩ් ගැසීමේ සිදුවීමක් මැදගම ඉලූක්කුඹුර, බදුල්ලගොල්ල ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙලෙස ඇසිඩ් ප‍්‍රහාරයට ලක්වූ තරුණයා පළමු විවාහයෙන් නීත්‍යානුකූලව වෙන්වූ එක්දරු පියෙකු වේ.
විවාහයෙන් වෙන්වීමෙන් අනතුරුව තරුණයා තම මවගේ සහෝදරයාගේ දියණියක් සමඟ ප්‍රේම සබධතාවක් ඇතිකර ගෙන ඇත. ඊට තරුණියගේ මව සහ පියා විරුද්ධවී තිබේ.
පසුගිය 22වනදා රාත්‍රි කාලයේ තරුණයා තම පෙම්වතියව කැඳවාගෙන යෑමට පැමිණි අවස්ථාවේදී ඇයගේ මව විසින් ඔහුට ඇසිඩ් ගසා තිබේ.
සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයා දැනට මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.
ඇසිඩ් ගැසූ කාන්තාව මැදගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මැදගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් දිසානායක මහතා පරීක්ෂණ මෙහෙයවයි.
3845 Views
Comments