ලංකා රෝහලේ තිබුණු බෝම්බය විජේරාම මාවතේ ඇමති නිවසකින් පැමිණි බව හෙළි වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
17

ලංකා රෝහලේ තිබුණු බෝම්බය විජේරාම මාවතේ ඇමති නිවසකින් පැමිණි බව හෙළි වේ

ලංකා රෝහලේ තිබුණු බෝම්බය විජේරාම මාවතේ ඇමති නිවසකින් පැමිණි බව හෙළි වේ

පසුගියදා නාරාහේන්පිට ලංකා රෝහලේ තිබී හමුවූ හමු වූ අත්බෝම්බ විජේරාම මාවතේ ඇමති නිල නිවසකින් රැගෙන ආ බව සිද්ධියේ සැකකරු පාපොච්චාරණය කර තිබෙනවා.

 

සැකකරුගෙන් කළ  වැඩිදුර ප්‍රශ්න කිරීම්වල දී ඔහු අනාවරණය කළේ එම නිවසේ අලුත්වැඩියාවක් සඳහා තමන්ගේ අවස්ථාවක එම අත් බෝම්බය ලබාගත් බවයි.

 

එය රෝහලේ වැසිකිළිය තුළ තබා තමා විසින්ම පොලීසියට ඔත්තුවක් ලබාදී යම්කිසි ත්‍යාග මුදලක් ලබා ගැනීම තමන්ගේ අරමුණ වුණු බවයි ඔහු සඳහන් කරන්නේ.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කරන්නේ තවමත් මෙම පුද්ගලයාගේ ප්‍රකාශය තහවුරු කර ගෙන නොමැති අතර ඒ පිළිබඳව විමර්ශන සිදු කරමින් පවතින බවයි.

views

1058 Views

Comments

arrow-up