ජර්මන් ජාතික සංචාරකයා නවාතැන්පළේ ආලින්දයේ ගෙල වැළලාගෙන සියදිවි නසාගනී
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
05

ජර්මන් ජාතික සංචාරකයා නවාතැන්පළේ ආලින්දයේ ගෙල වැළලාගෙන සියදිවි නසාගනී

ජර්මන් ජාතික සංචාරකයා නවාතැන්පළේ ආලින්දයේ ගෙල වැළලාගෙන සියදිවි නසාගනී

දමන, හිඟු‍රාන නගරය ආසන්නයේ නවාතැන් පළක සිටි ජර්මන් ජාතිකයකු පසුගිය 03 වැනිදා රාත්‍රියේ නවාතැන්පළේ ආලින්දයේ ගෙල වැළලාගෙන මියගොස් ඇත.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ මකියස් සින්කර් නැමැති 52 හැවිරිදි ජර්මන් ජාතික ව්‍යාපාරිකයෙකි.

 

මොහු සෑම වසරකම ලංකාවට සංචාරයට පැමිණෙන අතර අම්පාර ප්‍රදේශයේ හිඟු‍රාන නගරයට පැමිණ මාස දෙකක පමණ කාලයක් රැඳී සිටින අයෙකි. 

 

මෙවර ලංකාවට පැමිණි මොහු මාස 04කට ආසන්න කාලයක් හිඟු‍රාන ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇත.

 

මොහු තම බිරිඳගෙන් දික්කසාද වී ඇති අතර දියණියන් දෙදෙනකුගේ පියෙකි. අද දියණියකගේ උපන් දිනය යෙදී තිබෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

views

315 Views

Comments

arrow-up