ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
08

ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්

ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දීමක්

ගිනිකොණ දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්වී ඇති බැවින් එය ඉදිරි පැය කිහිපය තුළදී වයඹ දෙසට ගමන්කර ගිනිකොණදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ සුලි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා.

 

 

ඒ අනුව අද පස්වරුව වන විට නැගෙනහිර – මධ්‍යම බෙංගාල බොක්ක හරහා චන්ඩ සුලි කුණාටුවක් දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

 

 

මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබද සිය අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා.

views

558 Views

Comments

arrow-up