අද කාලගුණය

බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 දක්වා තද වැසි ඇති විය හැක.
ඌව පළාතේ සහ මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුර, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී.40 දක්වා වැඩිවේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට ප්‍රමාණවත් පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
653 Views
Comments