නිළියක් වෙන්න සිහින දුටු රූමත් සරසවි සිසුවිය නේවාසිකාගාරයේ බාල්කයේ එල්ලී සියදිවි නසාගනී

යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවක් ඇය නවාතැන් ගෙන සිටි නේවාසිකාගාරයේ බාල්කයක එල්ලී පෙරේදා(23) සියදිවි නසාගෙන ඇත.
22 හැවිරිදි එස්. සින්ධුජා නැමැති මෙම විශ්ව විද්‍යාල සිසුවිය යාපනයේ කල්ලඩි පලෙයි ප්‍රදේශයේ නේවාසිකාගාරයක තවත් සිසුවියන් පිරිසක් සමඟ සිට ඇති අතර ඇය සියදිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
ඇය සමඟ සිටි සිසුවියන් පවසා ඇත්තේ ඇය ඉතා රූමත් බවත්, අධ්‍යාපන කටයුතුවලින් පසු ඇගේ එකම බලාපොරොත්තුව නිළියක් වීම බවත් ඇය නිතර නිතර ඔවුන්ට පැවසූ බවයි.
යාපනය පොලිසියේ පරීක්ෂණ අරඹා ඇත.
732 Views
Comments