ඩොලර් බිලියන 8ක් උපයා ගැනීමට රාජ්‍ය දේපළ කිහිපයක් බදු දීමට සැරසෙයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
18

ඩොලර් බිලියන 8ක් උපයා ගැනීමට රාජ්‍ය දේපළ කිහිපයක් බදු දීමට සැරසෙයි

ඩොලර් බිලියන 8ක් උපයා ගැනීමට රාජ්‍ය දේපළ කිහිපයක් බදු දීමට සැරසෙයි

වටිනා රජයේ දේපළ කිහිපයක් බදු දීමෙන් ඩොලර් බිලියන 8 ක මුදලක් වහාම උපයා ගැනීමට රජය අදහස් කොට ඇතැයි වාර්තා වේ.

 

මෙසේ බදු දීමට අදහස් කරන දේපළ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, මත්තල ගුවන්තොටුපළ සහ රත්මලාන ගුවන්තොටුපළද තිබේ.

 

මේවා දීර්ඝ කාලීන පදනමක් යටතේ බදු දෙනු ඇත.

 

කටුනායක ගුවන්තොටුපළ ඩොලර් බිලියන 2 කටත් මත්තල ගුවන්තොටුපළ ඩොලර් මිලියන 300 කටත් රත්මලාන ගුවන්තොටුපළ ඩොලර් මිලියන 400 කටත් බදු දීමට යෝජිතය.

 

මීට අමතරව කොළඹ වරායේ දකුණු කොටස ඩොලර් මිලියන 600 ක ආයෝජන පදනමක් යටතේ ලබා දීමටත් කොළඹ වරාය නගරයේ රජයට හිමි කොටස ඩොලර් බිලියන 4 කටත් බදු දීමට අදහස් කෙරේ.

 

එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජයට හිමි කොටස් සමූහය ඩොලර් මිලියන 500 කටත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රජයට අයත් කොටස් ඩොලර් මිලියන 300 කටත් විකිණෙනවා ඇත.

views

2120 Views

Comments

arrow-up